SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

ලෙඩ වෙලා පැය 24කින් මාරාන්තික වෙන්න පුළුවන් Meningococcal වලින් ආරක්ෂා වෙන්න මේ ගැන දැනගන්න

8/1/2025
ඕස්ට්‍රේලියාවේ යම් ව්‍යාප්තියක් ආරම්භ වී තිබෙන සහ ඉක්මනින් පැතිරීමේ අවදානමක් ඇති Meningococcal බැක්ටීරියා අසාදනයේ රෝග ලක්ෂණ සහ ඒ පිළිබඳව අප දැනගත යුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

Duration:00:07:52

Ask host to enable sharing for playback control

'මම ඇමති කියලා හිතුමතේ ක්‍රිකට් බෝඩ් හදන්නවත් කඩන්නවත් බැහැ', ක්‍රීඩා ඇමති සුනිල් කියයි: ක්‍රීඩා විග්‍රහය

8/1/2025
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Duration:00:08:14

Ask host to enable sharing for playback control

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 28 - අගෝ 01

8/1/2025
ජූලි 28 වනදා සිට අගෝස්තු 01 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Duration:00:07:18

Ask host to enable sharing for playback control

හරිතාගාර වායු ආශ්‍රිත Net Zero Plan අහෝසි කරන මෙන් පසුපෙළ මන්ත්‍රීන්ගෙන් ඉල්ලීමක්: කාලීන විග්‍රහය

7/31/2025
දේශගුණය සම්බන්ධයෙන් ශක්තිමත් ඉලක්කයක් වෙත පියවර නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ස්වාධීන නීති සම්පාදකයන්ගෙන් රජයට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු සහ වායුගෝලයෙන් ඉවත් කෙරෙන හරිතාගාර වායු සමතුලිත කරන net zero ඉලක්කය මුළුමනින් ම ඉවත් කිරීමට ලිබරල් සන්ධානයේ සමහර පසුපෙළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Duration:00:05:14

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash අගෝ 01: විදෙස් ඔත්තු සේවා මැඩලීමට ඔස්ට්‍රේලියාවට වසරකට ඩොලර් බිලියන 12.5ක් වැයවේ

7/31/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Duration:00:05:29

Ask host to enable sharing for playback control

සුනාමි තත්වයක් ඇති කරන 'megathrust faults' ලෙස හැඳින්වෙන භූකම්පන තත්ව ගැන තොරතුරු මෙන්න

7/31/2025
රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආසන්නයේ සිදුවූ දැඩි භූකම්පන තත්වයක් හේතුවෙන් සුනාමි තත්වයක් නිර්මාණය උනා. මීට අමතරව ක්ලුශේව්ස්කි ගිනිකන්ද ද පුපුරායාමකට ලක්වුනා. ඇතිවූ මෙම භූකම්පන තත්වය 'megathrust fault' ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. ඉතින් මේ තත්වය කුමක්ද සහ ඒ හරහා ඇතිවන බලපෑම ගැන තොරතරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Duration:00:04:49

Ask host to enable sharing for playback control

'තනිකමක් දැනෙන එක සාමාන්‍යයයි. නමුත් ඔබ තනිවෙලා නැහැ': නවක සිසුන් වෙත පණිවිඩයක්

7/31/2025
ඕස්ට්‍රේලියාවට නවක ජාත්‍යන්තර ශිෂ්‍යයන් පැමිණ නව සංස්කෘතියකට අනුගත වන වකවානුවකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ කාලයේ ඔවුන්ට තනිකම දැනෙන්න පුළුවන්. ඉතින් ඒ හා සමාන ම අත්දැකීම් තිබුණ, මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් බවට පත් වී සිටින තරුණ ශිෂ්‍ය පිරිසක් සමඟ SBS සින්හල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Duration:00:08:26

Ask host to enable sharing for playback control

වයස අවුරුදු 16ට අඩු ඕස්ට්‍රේලියානු දරුවන්ගේ YouTube භාවිතාවද සීමාකරන්න රජය කටයුතු කරයි: කාලීන විග්‍රහය

7/30/2025
වයස අවුරුදු 16ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පනවන නව නීති පද්ධතිය සඳහා Youtube සේවාවද ඇතුලත් කිරීමට කටයුතු කරන බවෆෙඩරල් රජය පවසා සිටිනවා. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ කොමසාරිස්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා කෙසේ උවත් සමාජමාධ්‍ය ජාලා හිමි සමාගම් සමග එක්ව මෙම ගැටලුව සඳහා වඩාත් පුළුල් සංශෝධන ගෙන ඒමට කටයුතු කලයුතු බව ඇතැමුන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්

Duration:00:07:29

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ජූලි 31: උද්ධමනයේ අඩුවීමත් සමඟ එළැඹෙන මාසයේ පොලී අනුපාත අඩු කරනු ඇති බවට විශේෂඥ අනාවැකි

7/30/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 31වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Duration:00:05:05

Ask host to enable sharing for playback control

ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ සිසුවෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්‍ර සබඳතා පිළිබඳ මතකාවර්ජනයක්

7/30/2025
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය ලෙස ජූලි 30වන දින නම් කර තිබේ. මව්රටෙන් දුරස්ව ජීවත් වීමේ දී සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීමේ දී මෙම සබඳතා විශේෂයෙන් වැදගත් වේ. එලෙස ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ ශිෂ්‍යයෙකු ලෙස ජීවත් වීමේ දී ඇති කරගත් මිත්‍ර සබඳතා පිළිබඳ අත්දැකීම් ඇතුළත් කතාබහකට ඔබත් සවන් දෙන්න.

Duration:00:07:55

Ask host to enable sharing for playback control

කලින් දැනුම් දීම් සිදු කල නිසා රුසියාවේ භූ කම්පනයෙන් ඇති වූ සුනාමියෙන් ජීවිත රැසක් බේරෙයි: 'ලොව වටා'

7/30/2025
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Duration:00:08:14

Ask host to enable sharing for playback control

PBS ක්‍රමවේදයෙන් ඖෂධ වට්ටෝරු සඳහා ලබා දීමට යන සහනය ගැන තොරතුරු මෙන්න

7/30/2025
PBS ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියාවේ ඖෂධ ප්‍රතිලාභ ක්‍රමය හරහා බෙහෙත් වට්ටෝරුවක් සඳහා රෝගීන් ගෙවිය යුතු උපරිම මිල ඩොලර් 25 කට සීමා කරන්න අල්බනිසි රජය නව පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී තිබෙනවා. ජුලි 29 වන අඟහරුවාදා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Duration:00:04:07

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ජූලි 30: Bulk billing සේවාවවේ ගැටළු ගැන විපක්ෂ නායිකාව අගමැතිගෙන් ප්‍රශ්න කරයි

7/29/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 30වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Duration:00:05:29

Ask host to enable sharing for playback control

'දැන් දඩ ගොඩක් වැඩි වුනත් මාර්ග නීති තද කලේ අපි හැමෝගෙම ආරක්ෂාවට', ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින් කියයි: 'විනිවිද'

7/29/2025
ජූලි 1 වන දින සිට ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි වල රියදුරන් සඳහා හඳුන්වා දුන් නව මාර්ග නීති ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මේ ජූලි මාසයේ SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්

Duration:00:12:41

Ask host to enable sharing for playback control

තාවකාලික වීසා එකක ඉන්න අය නිවාස ආයෝජනයක් කරනවනම් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් මෙන්න

7/28/2025
තාවකාලික වීසා එකක ඉන්න අය, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් ඉන්න අය ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදීගන්න හෝ නිවාස වෙළඳපොලේ ආයෝජනය කරන්න හිතනවානම් එහිදී සැලකිලිමත් විය යුතු කාරනා ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

Duration:00:08:45

Ask host to enable sharing for playback control

'Homeschooling' ක්‍රමවේදය ගැන ලබාදුන් නිර්දේශ සියල්ල පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කරයි: කාලීන විග්‍රහය

7/28/2025
නිවසේ සිට අධ්‍යාපනය ලැබීම එහෙම නැතිනම් Home-schooling කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් කුවීන්ස්ලන්තයේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ලබා දී ඇති නිර්දේශ 8 ම පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පාසල් විෂය නිර්දේශය Home-schooling ක්‍රමවේදය සඳහාද අනිවාර්ය කිරීමට පසුගිය ප්‍රාන්ත රජය කටයුතු කර තිබුනා. කෙසේ උවත් මේ සඳහා Home-schooling වෙත යොමුවී ඇති දෙමාපියන් අතරින් විරෝධයක් ගොඩ නැගුනා.මේ හේතුවෙන් Home-schooling ක්‍රමවේදය නියාමනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Duration:00:10:05

Ask host to enable sharing for playback control

SBS සිංහල Newsflash ජූලි 29: PBS යටතේ ඖෂධවල උපරිම මිල ඩොලර් 25 තෙක් අඩු කිරීම සඳහා වන පනත් කෙටුම්පත මැති සබයට

7/28/2025
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

Duration:00:04:55

Ask host to enable sharing for playback control

ඔබේ දැනුවත්කමෙන් තොරව බරපතල අපරාධවලට ඔබව හසු කෙරෙන වංචනික මූල්‍ය ක්‍රියාවක් පිළිබඳ AFP අනතුරු අඟවයි

7/28/2025
අපරාධකරුවන් විසින් ඩොලර් 200ක් වැනි සුළු මුදලකට ඔස්ට්‍රේලියානුවන්ගේ බැංකු ගිණුම් භාවිත කරමින් අපරාධ සිදු කිරීමක් පිළිබඳ වාර්තා වනවා. එක් ප්‍රධාන බැංකුවක් පවසන පරිදි මෙලෙස සිය බැංකු ගිණුම් ලබා දෙන අයට තමන් අතින් වරදක් සිදු වන බවට අවබෝධයක් නැහැ. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Duration:00:04:26

Ask host to enable sharing for playback control

Migraine හෙවත් ඉරුවාරදය සුව කරන්න ආයුර්වේදයේ තිබෙන ප්‍රතිකාර ගැන තොරතුරු මෙන්න

7/27/2025
Migraine හෙවත් ඉරුවාරදය පිලිබදව සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ලබා දෙන ප්‍රතිකාර සහ වලක්වාගැනීමේ ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න.

Duration:00:10:02

Ask host to enable sharing for playback control

ජීවාණුහරණය නොකළ ඉඳිකටු තුඩකින් පවා ආසාදනය විය හැකි හෙපටයිටිස් රෝගය පිළිබඳ දැනුවත් වෙමු

7/27/2025
ජූලි 28වන දා ලෝක හෙපටයිටිස් දිනය ලෙස නම් කර තිබෙනවා. ඒ හා සමගාමිව හෙපටයිටිස් රෝගයේ විවිධ ප්‍රභේද, රෝග ලක්ෂණ සහ බෝ වන ආකාර පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවේ පළමු කොටසට සවන් දෙන්න.

Duration:00:09:27